"කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - පුස්සැල්ල පරකඩුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බැංකුකරුවන් සඳහා සංවිධානය කරන "කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 21 වන දින පෙ.ව. 09.00 සිට පුස්සැල්ල පරකඩුවේ පිහිටි කළමනාකරණ සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වේ