"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් සඳහා සංවිධානය කරන "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ ප්‍රසිද්ධ දේශනය 2018 ජූනි මස 11 වන දින පෙ.ව. 09.00 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අර්ථශාස්ත්‍රඥ, කේ.ඒ.යූ.එස්.කේ. තිලකරත්න මහතා විසින් දේශනය මෙහෙය වනු ලබයි.