"2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ රාජගිරිය බැංකු විදු පියස සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික්කයේ  ගුරුවරුන් හා රුහුණු විශ්ව විද්‍යාලයීය දේශකවරුන් හා සිසු සිසුවියන්  සඳහා සංවිධානය කරන "2017 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රී ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 05 වන දින පෙ.ව. 09.00 සිට රුහුණු විශ්ව විද්‍යාලයීය මානව හා සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, ආචාර්ය ආර්.ඒ.