විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ වෙසෙන සමෘද්ධි ප්‍රජාව හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018 මැයි මස 08 වන දින පෙ.ව. 09.00 සිට තිහගොඩ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්වේ.