කො.පා.මි.ද. මත පදනම් වූ මතුපිට උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී සෘණ අගයක් වාර්තා කළේය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට ඍණ 0.5ක අගයක් වාර්තා කළ අතර, මෙය 2015 සැප්තැම්බර් මාසයට පසුව උද්ධමනය ඍණ අගයක් (අවධමනයක්) පෙන්නුම් කළ පළමු අවස්ථාව වේ.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර කාණ්ඩයෙහි 2024 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 0.8ක උද්ධමනය හා සසඳන විට 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.3ක අවධමනයක් වාර්තා විය. තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන කාණ්ඩය ද, 2024 අගෝස්තු මාසයේ වාර්තා කළ සියයට 0.4ක උද්ධමනය හා සසඳන විට 2024 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.5ක අවධමනයක් වාර්තා කළේය.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Monday, September 30, 2024