ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) විසින් ක්‍රියාත්මක කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය ඉහළ නැංවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් සිය ප්‍රථම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. මහ බැංකුව විසින් අනුගමනය කරනු ලබන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව එහි පුළුල් සන්නිවේදන උපායමාර්ග යටතේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ඵලදායී ලෙස සන්නිවේදනය කිරීම මඟින් මහ බැංකුවේ කටයුතුවල විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා ද වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව උපකාරී වනු ඇත.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයට අනුකූලව ආර්ථිකයෙහි පාර්ශ්වකරුවන්ගේ හැසිරීම සහ අපේක්ෂා වඩාත් මනාව හැඩගැස්වීමට සහ මහ බැංකුවේ දේශීය මිල ස්ථායීතා අරමුණට අදාළව අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීමට ද වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, July 31, 2024