2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා  කළේය. සේවා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී  කඩඉම් මට්ටමට වඩා  ඉහළ අගයක පැවතුණි.

නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදන අංශයේ වර්ධනය දායක විය. තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව තොග මිලදී ගැනුම් ද ඉහළ ගියේය. කෙසේ වෙතත්, බොහොමයක් නිෂ්පාදන කර්මාන්ත තවමත් සේවක පුරප්පාඩු පිරවීමේ දී ඉතා  සැලකිලිමත්ව කටයුතු කරන බැවින්, සේවා  නියුක්තිය ජුනි මාසය තුළ දී පහළ මට්ටමක පැවතුණි. තවද, මූලික වශයෙන් ප්‍රධාන වරායන්හි පවතින තදබදය හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ජුනි මාසයේ දී තවදුරටත් ඉහළ ගියේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, July 15, 2024