ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන සහ සේවා) - ඔක්තෝබර් 2023

2023 ඔක්තෝබර් මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සුළු වශයෙන් පහත වැටීමක් ද සේවා ක්‍රියාකාරකම්වල ඉහළ යෑමක් ද පෙන්නුම් කරන ලදී.

2023 ඔක්තෝබර් මාසයේදී ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය දර්ශකාංක 49.5ක අගයක් වාර්තා කරමින්  කඩඉම් මට්ටම කරා ආසන්න විය. උප-දර්ශක සලකන විට දී, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම් මෙම මාසයේ දී ඉහළ ගිය අතර, නිෂ්පාදන සහ සේවා නියුක්තිය පහළ අගයක පැවතුණි. 

සේවා ක්‍රියාකාරකම්හි අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2023 ඔක්තෝබර් මාසයේ දී දර්ශකාංක 56.2ක් වාර්තා කළේය. මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්හි සිදු වූ ඉහළ යෑම් හේතු විය. කෙසේ වුවද, 2023 ඔක්තෝබර් මාසය තුළ දී නිමකිරීමට නියමිත කාර්යයන් සහ සේවා නියුක්තිය පහළ ගියේය. 

සම්පුර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 15, 2023