අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීති මගින් රටට බහුවිධ ප්‍රතිලාභ අත්වන අතර විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් නැත

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ශ්‍රී ලංකාව, සාර්ව-ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා යොමු වූ මාවතකට අවතීර්ණ වී ඇත. වසංගතය හේතුවෙන් රටට විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ලෙස අහිමි වුව ද, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය මූල්‍ය, මුදල් සහ මහජන සෞඛ්‍ය ආදී විවිධ පැති තුළින් සපයන ලද පෙර නොවූ විරූ සහයෝගය, ආර්ථිකය මෙන්ම විදේශ විනිමය උපයන ඇතැම් අංශ ශක්තිමත් ලෙස නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා උපකාරී වී තිබේ. ඉදිරි කාලපරිච්ඡේදය තුළ සංචාරක අංශය ද කැපී පෙනෙන ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ගලා ඒම වැඩිදියුණු කිරීමට ඒකාබද්ධ උත්සාහයන් ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළේ මෑතකාලීන ආතතීන්, ආර්ථිකය විවිධ ආකාරයේ කම්පනයන්ට නිරාවරණය කෙරෙන විදේශ ණය ගැනීම් වැඩි කිරීමට සාපේක්ෂව, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීම් මත යැපීම ක්‍රමානුකූලව වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත. 

මෙම පසුබිම තුළ, 2021 වසරේ පෙබරවාරි මාසයේ දී, දැනට පවතින වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම රට වෙත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ශක්තිමත් කිරීමට සහ නිශ්චිත කාලසීමාවක් තුළ එම ආදායමෙන් යම් කොටසක් රුපියල්වලට පරිවර්තනය කිරීම සහතික කිරීමට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නීති පනතේ විධි විධාන යටතේ රීති නිකුත් කරන ලදී. අසල්වැසි රටවල නීතිරීතිවලට සමාන වූ මෙම රීති ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම් මත වරින් වර මනාව සංශෝධනය කර ඇති අතර, අපනයන ආදායම් රට වෙත ගෙන්වා ගැනීම සහ එම ආදායමෙන් යම් කොටසක් රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමඟ දේශීය වෙළඳපොළ මුහුණ දෙන විදේශ විනිමය ද්‍රවශීලතා ගැටලු යම් තරමකට හෝ ලිහිල් කිරීමට ද එම රීති ඉවහල් විය. මීට අමතරව, පෙර සඳහන් කළ රීති යටතේ බලපත්‍රලාභී බැංකු විසින් පරිවර්තනය කරන ලද අපනයන ආදායම අනිවාර්යයෙන් විකිණීමත් සමඟ, වසර තුළ මේ දක්වා යම් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් ව ඇති අතර, පසුගිය සති කිහිපය තුළ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අදාළ ගෙවීම්වලින් යම් ප්‍රමාණයක් පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම විදේශ විනිමය  යොදා ගන්නා ලදී. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, November 8, 2021