ශ්‍රී ලංකා මහ බැංකුවේ, 'ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2018' වාර්ෂික ප්රකාශනයේ 41 වෙනි වෙළුම පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්රකාශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සංසන්දනාත්මක ව ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන අංශ 14ට අදාළ නවතම දත්ත ඇතුළත් වේ.
කාලීන වැදගත්කමකින් යුතු, පුළුල් පරාසයක් ආවරණය වන සමාජ ආර්ථික දත්ත මෙම ප්රකාශනයේ සාරාංශ කර ඇති බැවින්, එය ප්‍රතිපත්ති සම්පාදකයන්ට, පර්යේෂකයන්ට, ශාස්ත්‍රලාභීන්ට, වෘත්තිකයන්ට, සිසුන්ට හා සාමාන්‍ය ජනතාවට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල (චැතැම් වීදිය, කොළඹ 01), බැංකු විදු පියෙස ( අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය ) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර, මාතලේ, නුවරඑළිය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ අනුරාධපුරයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල බෙදාහැරීම් කවුළු වලින් රු.50/-ක මුදලකට මෙම ප්රකාශනය මිල දී ගත හැකි ය. තව ද මෙහි විද්‍යුත් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (www.cbsl.gov.lk) ලබා ගත හැක.