ශ්‍රී ලංකා මහ බැංකුව - ආසියානු සංවර්ධන බැංකු ආයතනය ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වරටත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සමසත්කාරකත්වය දැරීය

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2024 වසරේ සැප්තැම්බර් මස 06වන දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව සමසත්කාරකත්වය දැරීය. මෙම වසරේ සමුළුවේ තේමාව ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවනතා’ (Inflation and Exchange Rate Dynamics in Asia and Pacific) ලෙස දැක්විණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, September 6, 2024