විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 මැයි

2024 වසරේ මැයි මාසයේ දී වෙළඳ හිඟය අඩු වීම, සේවා අංශය වෙත වූ ලැබීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාම මගින් විදේශ අංශයට සහාය විය.

වෙළෙඳ භාණ්ඩ ගිණුමේ හිඟය, වාර්ෂික ලක්ෂමය පදනම මත, 2024 වසරේ මැයි මාසයේ දී අඩු වූ 2024 ජනවාරි-මැයි කලපරිච්චයේ දී ඉහළ ගියේය. 

සේවා අංශය වෙත වූ ලැබීම් 2023 වසරේ මැයි මාසයේ දී වූ එ.ජ.ඩො. මිලියන 265ට සාපේක්ෂව 2024 වසරේ මැයි මාසයේ දී එ.ජ.ඩො. මිලියන 306ක් විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2023 වසරේ ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ දී වූ එ.ජ.ඩො. මිලියන 2,347ට සාපේක්ෂව 2024 වසරේ ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 2,624ක් විය.

2024 වසරේ ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ඉපැයීම් එ.ජ.ඩො. මිලියන 1,406ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2023 වසරේ  ජනවාරි-මැයි කාලපරිච්ඡේදය තුළ දී එ.ජ.ඩො. මිලියන 752ක් ලෙස වාර්තා විය.

2024 වසරේ මැයි මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි විදේශ ආයෝජන ශුද්ධ ගෙවීම් අඛණ්ඩව වාර්තා විය.

දළ නිල සංචිත 2023 වසර අවසානයට සාපේක්ෂව එ.ජ.ඩො. බිලියන 1කට වඩා වැඩිවීමක් වාර්තා කරමින් 2024 වසරේ මැයි මාසය අවසාන වන විට එ.ජ.ඩො. බිලියන 5.4ක් විය.

එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, 2024 වසරේ මැයි මාසය දක්වා අතිප්‍රමාණය විය.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත වූ විදේශීය ලැබීම් 2024 වසරේ මැයි මාසයේ දී සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, June 28, 2024