විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූනි

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක අංශයේ ඉපැයීම් අවම මට්ටමක පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. ශ්‍රී ලංකා රුපියල 2021 වසරේ ජූනි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, August 13, 2021