විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. පෙර වසරට සාපේක්ෂව වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වූ අතර, සංචාරක අංශයේ ඉපැයීම් අඩු මට්ටමක පැවතුණි. 2020 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණ ද, 2021 වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී එම අගයයන් පහළ අගයක පැවතුණි. කෙසේ වෙතත්, 2021 වසරේ අප්‍රේල් මාසයේ දී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරමින්, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එහි වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගත්තේය. මේ අතර, චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම මාසය තුළ දී ශක්තිමත් විය. අප්‍රේල් මාසයේ මැද භාගයේ ඇති වූ උච්චාවචනයන් හැරුණුකොට ශ්‍රී ලංකා රුපියල මාසය පුරාම සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, June 17, 2021