ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමඟ 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන (Article IV) උපදේශනය නිමා කළ අතර, විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව වන දෙවන සමාලෝචනය සම්පූර්ණ කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් ලබා දෙන ලදී.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්කය හැර 2023 වසරේ දෙසැම්බර් මස අවසානය සඳහා වූ අනෙකුත් සියළුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරාගන්නා ලදී. 2024 වසරේ අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, ආර්ථිකය කෙරෙහි අවදානම් තවමත් පවතින අතර, ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මග අභියෝගාත්මකය. ප්‍රතිසංස්කරණ පවත්වාගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්න ආර්ථිකයේ කල් පවත්නා යථා තත්ත්වයකට පත්වීමට සහ ණය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් වේ.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායීතාව පවත්වාගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැගීම, සහ යහපත් රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම ඇතුළු වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි පුළුල් පරාසයක පැතිරී පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳව හතරවන වගන්තිය යටතේ වන උපදේශනය අවධානය යොමු කළේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, June 13, 2024