Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ සහන කාලය මාස 6 සිට මාස 9 දක්වා දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි තම ව්‍යාපාර යථා තත්ත්වයට පත්කර ගැනිමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන බව නිරීක්ෂණය වී ඇත. එබැවින්, ණය ආපසු ගෙවීම සඳහා ණයලාභීන්ට පහසුකම් සැලසීමේ සහ දිරිගැන්වීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව, සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කර ඇති ණය සඳහා අදාළ සහන කාලය, ලිඛිත ඉල්ලීමක් කරනු ලබන ණයලාභීන් සඳහා තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව, මාස 9 ක සහන කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන මෙම කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන් අදාළ බැංකුවට ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුව 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා' ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා" ප්‍රකාශනය අද දින එළිදක්වන ලදී. මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා භාෂා ත්‍රිත්වයෙන් ම බාගත කර ගැනීමට හැකියාව ඇත.*

ආර්ථික ප්‍රවණතා යාවත්කාලීන කිරීමට අමතරව, 2020 ඔක්තෝබර් මස මැද දක්වා ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින්, 2020 අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද මැදි කාලීන සාර්ව ආර්ථික රාමුවෙහි යාවත්කාලීන කිරීමක් ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" තුළින් මෙවර ඉදිරිපත් කර ඇත. මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වනුයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවලට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක දී ය.

ඉන්දියාවේ ඇක්සිස් බැංකුවේ ඉල්ලීම පරිදි ඇක්සිස් බැංකුවේ කොළඹ ශාඛාව වෙත නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කිරීම

ඉන්දියාවේ ඇක්සිස් බැංකුව විසින් 2019 වසරේදී එම බැංකුවේ ගෝලීය මෙහෙයුම් පිළිබඳව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය මත කරන ලද ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ඇක්සිස් බැංකුවේ කොළඹ ශාඛාව විසින් සිදු කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ එම බැංකුව සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත්ව අනුමැතිය ලබා දී තිබේ.

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසි වලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක සෑහීමකට පත්වීමෙන් පසු, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30 දින සිට අවලංගු කරන ලදී.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ දී නො වෙනස්ව සියයට 4හි ම

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.0හි නො වෙනස් ව පැවති අතර, 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 11.5හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය නමුත්, ආහාර නො වන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 0.9හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.3 දක්වා ඉහළ ගියේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්‍රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රතිලාභ ගෙවීම්, දායක මුදල් හා දායක මුදල් විස්තර වාර්තා රැස්කිරීම, වීසා අවැසිතාවන් සඳහා ශේෂ තහවුරු ප්‍රකාශ හා දායක මුදල් විස්තර වාර්තා නිකුත් කිරීම සහ නාම හා ගිණුම් සංශෝධන සේවාවන් පහත සඳහන් පරිදි සපයනු ලැබේ.

අයිසීඅයිසීඅයි බැංකුවේ කොළඹ ශාඛාව වෙත නිකුත් කරන ලද බලපත්‍රය අවලංගු කරයි

ඉන්දියාවේ අයිසීඅයිසීඅයි බැංකුව කළ ඉල්ලීම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, ශ්‍රී ලංකාවේ අයිසීඅයිසීඅයි බැංකුවේ ව්‍යාපාර කටයුතු වසා දැමීමට සහ ඒ සදහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමට නියමයන් හා කොන්දේසි කිහිපයකට යටත් ව අනුමැතිය ලබා දී තිබේ.

Pages