Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ/ විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබා දීම

මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින්, තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක් ලබා දී ඇත.

i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ

 

ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට 

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත්ව මිල පීඩන ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කරගත් පුරෝකථන සලකා බලන ලදී. දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මුදල් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සේවා වියුක්තිය ඉහළ යෑමේ අවදානමක් ද පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් කළ බව පවසමින් විවිධ වෙබ් අඩවිවල, සමාජ මාධ්‍යන්හි පළ වන සාවද්‍ය ප්‍රවෘත්ති වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලදැයි කියනු ලබන ලිපියක සිංහල පරිවර්තනයක් ලෙස හුවා දක්වමින් පළ කෙරෙන ප්‍රවෘත්ති කිහිපයක් මේ දිනවල විවිධ වෙබ් අඩවිවල සහ සාමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතියි. 

උද්ධමනය ගැටලුව නොව පරිපූර්ණ විසඳුමයි.......මේ ආර්ථික අර්බුදය අපට වූ හොඳම දෙයයි........මහ බැංකු අධිපති ඓතිහාසික දෙසුමක” යන මාතෘකාව හෝ ඊට සමාන මාතෘකා යටතේ මෑතක දී සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ද එයට එක් උදාහරණයකි. 

සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ලිහිල් කරයි

සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද 2022 අගෝස්තු 12 වන දින හෝ ඉන් පසු ව සිට ශ්‍රී ලංකාව වෙත ලැබෙන සේවා අපනයන ලැබීම්/ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇත. සේවා අපනයනකරුවන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ඔවුන්ගේ අපනයන ඉපැයීම් අවසරලත් කාර්යයන් සඳහා භාවිත කළ හැකි ය. සේවාව ලබා දුන් දින සිට දින 180 ක්  ඇතුළත සේවා අපනයන ඉපැයීම් රට තුළට ලබා ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාව නො වෙනස් ව පවතී.  

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 ජූලි

2022 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

නිෂ්පාදන ක්‍රියාකාරකම්හි පෙර මාසයට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ජූලි මාසයේ දී පහළ යන ලදී.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව සිව්වන මාසයටත් සේවා ක්‍රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරමින්, 2022 ජූලි මාසයේ දී 43.0ක දර්ශක අගයක් වාර්තා කළේය.

පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපනය කිරීම

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සිය සබඳතාව පුළුල් කිරීමේ අරමුණින් මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායීතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුව ස්ථාපිත කරන ලදී. පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්ව කමිටුවේ සභාපතිත්වය කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් දරනු ලබන අතර පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ පහත සඳහන් ප්‍රවීණයන් 17 දෙනා එහි සාමාජිකත්වය දරයි.

Pages