2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුන හමාරක කාලය තුළ දී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයනයෙේ සිදු වූ වේගවත් ම වර්ධනය සඳහා මූලික ව ම හේතු වූ අතර එය 2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය. 2018 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙ සේ වුවත්, ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරු ව 2018 පෙබරවාරි මාසයේ දී එහි අඩු වීමක් පෙන්නුම් කළේ ය. 2018 පෙබරවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම තුළ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, එය රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙේ වූ ශුද්ධ ගෙවීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා දායක විය.















1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.