"ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි" මාර්ගගත සම්මන්ත්‍රණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද "ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාපටිපාටි" මාර්ගගත සම්මන්ත්‍රණය 2021 ජනවාරි මස 12 වන දින Zoom මෘදුකාංගය ඔස්සේ සහ මුහුණුපොත (Facebook) හරහා සජීවීව සාර්ථකව පැවැත්විණි.