"ධාරිතා සංවර්ධන වැඩසටහන" - මොරවක

පහතරට තේ වැවිලිකරුවන්ගේ සංගමය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මධ්‍යම පරිමාණ තේ වැවිලිකරුවන් සඳහා සංවිධානය කරන ලද "ධාරිතා සංවර්ධන වැඩසටහන" 2018 නොවැම්බර් මස 30 වන දින මොරවක “ගුරුබැවුල තේ වත්ත” පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා තේ වැවිලිකරුවන් 46 ක් සහභාගී වූහ.