දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව සඳහා සංවිධානය කරන ලද "තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන 2018 ජූලි මස 6 වන දින ඇඹිලිපිටිය පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී  සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 82ක ප්‍රජාවක් සහභාගී විය.