"අධ්‍යාපනික වැඩසටහන" - තංගල්ල බාලිකා මහා විද්‍යාලය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් තංගල්ල බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2018 ජූලි මස 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුවියන් 42ක් සහභාගී වූහ.