"කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - හම්බන්තොට

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හා ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරණ අංශය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා ධීවර අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ බැංකුකරුවන් සඳහා සංවිධානය කරන "කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP)" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2018 ජූනි මස 22 වන දින පෙ.ව. 09.00 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ..