නිපුණතා සංවර්ධන සහ නවීන තාක්ෂණික වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමග ඒකාබද්ධව හම්බන්තොට දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය අංශයේ නිරත ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන "නිපුණතා සංවර්ධන සහ නවීන තාක්ෂණික වැඩසටහන" 2018 ‍අප්‍රේල් මස 24 වන දින පෙ.ව. 08.30 සිට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.