ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ජූලි

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි මාසය තුළ දී මෙ ලෙස මන්දගාමී වී ඇත. මේ සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන දර්ශකවල පහත වැටීම ප්‍රධාන වශයෙන් හේතු විය. තව ද, සේවා නියුක්ති සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂ ව පහත වැටුණි. නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක හැරුණු කොට සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50ට වඩා අඩු අගයක් වාර්තා කළ ද නිෂ්පාදන සහ ගැනුම් තොග දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් සමස්ත දර්ශකය වර්ධනය විය. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. 

සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ දී වාර්තා කළ 56.3 සිට ජූලි මාසයේ දී 57.8ක් දක්වා ඉහළ යන ලදි. පසුගිය මාසයට සාපේක්ෂ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ අගයේ සිදු වූ මධ්‍යස්ථ ඉහළ යෑම ආර්ථික ක්‍රියාකාරකම් නො කඩවා මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වන බව පෙන්නුම් කරයි. ව්‍යාපාර ක්‍රියාකාරකම් සිවු මසක් තුළ දී සිදු වූ ඉහළ ම වර්ධන වේගය වාර්තා කළේ ය. සේවා නියුක්ති උප දර්ශකය ජූනි මාසයේ දී වාර්තා වූ 51.5ක පහළ අගයේ සිට නැවත වර්ධනය විය. මේ අතර ජූනි මාසය සමඟ සැසඳීමේ දී ජූලි මාසයේ දී නව ව්‍යාපාර සහ අපේක්ෂිත ඉදිරි ව්‍යාපාර ක්‍රියාකාරකම් සුළු වර්ධන වේග වාර්තා කළේ ය. එ මෙන් ම, ජූනි මාසය සමඟ සැසඳීමේ දී ජූලි මාසයේ දී නිම කිරීමට නියමිත කාර්යයන් පහළ වැටිණි. මේ අතර මැයි මස උපරිම අගයක් වාර්තා කළ අය කරන මිල ගණන්හි (දර්ශකය ගණනය කිරීමේ දී සලකා නොබලන) ඉහළ යෑමේ වේගය නො කඩව‍ා දෙවන වරටත් ජූලි මාසයේ දී පහත වැටිණි. 

ම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, August 15, 2016