2025 වසරේ ජනවාරි මාසයට සහ මෑත මාසවලට සාපේක්ෂව, 2026 වසරේ ජනවාරි මාසයේ දී, විදේශීය ජංගම ගිණුමේ ඉහළ අතිරික්තයක් වාර්තා විය. 2025 වසරේ දී ඇස්තමේන්තු කළ එ.ජ. ඩොලර් බිලියන 1.7ක (තාවකාලික) අතිරික්තයෙන් පසුව වාර්තා වූ මෙම අතිරික්තය විදේශීය අංශයේ ක්රියාකාරිත්වයේ අඛණ්ඩ වර්ධනය පෙන්නුම් කරයි.
ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය ඉහළ යෑම නිසා වාර්ෂික ලක්ෂ්යමය පදනම මත 2026 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩුවිය.
Published Date:
Friday, February 27, 2026








