2025 වසරේ පළමු භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත.
පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණය මගින් ශ්‍රී ලංකා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව කෙරෙහි පවතින අවදානම් සහ විශ්වාසය පිළිබඳ වෙළඳපොළ සහභාගීවන්නන්ගේ අදහස් ප්‍රමාණනය සහ නිරීක්ෂණය කිරීම සිදු වේ. මෙම සමීක්ෂණයේ නියැදි රාමුව ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම, රක්ෂණ සමාගම්, ඒකක භාර කළමනාකරණ සමාගම්, ආන්තික සැපයුම්කරුවන් සහ ප්‍රාරක්ෂකයන්, කොටස් තැරව්කාර සමාගම්, බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ශ්‍රේණිගත කිරීමේ ආයතනවල අවදානම් නිලධාරීන්ගෙන් සමන්විත වේ.
Published Date:
Friday, April 11, 2025