කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව පස්වන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් වාර්තා කළේය.
Published Date:
Friday, January 31, 2025