ශ්‍රී ලංකා මහ බැංකුවේ, "ශ්‍රී ලංකා සමාජ ආර්ථික දත්ත - 2024" වාර්ෂික ප්රකාශනය මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත.
මෙය, එම ප්‍රකාශන මාලාවේ 47 වන වෙළුමයි. ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු යන ශීර්ෂ 14 ක් යටතේ දත්ත මෙහි ඇතුළත් වේ. මෙම ප්රකාශනයෙහි කාලීන සමාජ ආර්ථික දත්ත විශාල ප්‍රමාණයක් සාරාංශ ස්වරූපයෙන් පළ කර ඇති බැවින්, නීති සම්පාදකයන්, පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන්, සිසුන් සහ පොදු මහජනතාව හට දත්ත පරිශීලනය සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. මෙහි වෙබ් පිටපත ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙන් (https://www.cbsl.gov.lk) ලබා ගත හැක. සීමිත මුද්‍රිත පිටපත් ප්‍රමාණයක් රුපියල් 50/- ක මිලකට, කොළඹ 01, චැතැම් වීදීයේ, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලෙහි (දුරකථන අංක: 011-2444502) පිහිටි බෙදාහැරීමේ කවුළුවෙන් මිල දී ගත හැක.