2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 80 වැනි වගන්තිය යටතේ පළමු ප්රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2023, සහ ශ්‍රී ලංකා මහ බැංකු පනතෙහි 99 වැනි වගන්තිය යටතේ පළමු ප්රකාශනය වන මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් 2023, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් ගරු ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත අද දින (2024 අප්‍රේල් 25) පිළිගන්වන ලදී.
Published Date:
Thursday, April 25, 2024