දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සුදුසුකම් ලත් පිළිගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර, ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) මඟින් පියවීම

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්  ප්‍රකාශයට පත් කරන ලද 2023 ජූලි 04 දිනැති භාණ්ඩාගාර බැදුම්කර සඳහා වන හුවමාරු යෝජනාව (හුවමාරු යෝජනාව) සහ ඉන් අනතුරුව 2023 සැප්තැම්බර් 12 දින නිවේදනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන හුවමාරු ආරාධනයෙහි ප්‍රතිඵලවලට අනුව (මෙහි  සඳහන් අර්ථ දක්වා නොමැති පදවලට අර්ථකතනයන්  හුවමාරු  යෝජනාවේ  අර්ථ දක්වා ඇත) රජය විසින්, වලංගු පිරිනැමීම් සඳහා පියවීමට ඇති සුදුසුකම්ලත් භාණ්ඩාගාර බැඳුම්කර, හුවමාරු යෝජනාවේ සඳහන් අනුපාතික සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් අඩු වෙන (Step-down) ස්ථාවර කූපන් පොළී අනුපාතික* සහිත නව භාණ්ඩාගාර බැඳුම්කර දොළහක් (12) ලෙස පරිවර්තනය කර පහත සඳහන් ආකාරයට 2023 සැප්තැම්බර් 14 දින පියවීම් සිදු කරන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, September 14, 2023