කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 7.6හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 9.9 දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේය.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මෙහිදී, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 12.8හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 17.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.4හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.