රැකියා
ශ්‍රී ලංකා මහ බැංකුව යනු ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කේන්ද්‍රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. 2023 සැප්තැම්බර් මාසයේ දී සම්මත වූ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින්, 1950 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව අර්ධ ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපනය කළ 1949 අංක 58 දරන මුදල් නීති පනත අවලංගු විය. මෙම නව පනත යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව නෛතික පුද්ගලභාවයක් සහිත සංස්ථාපිත ආයතනයක් ලෙස පිහිටුවා ඇත.
අපගේ දැක්ම වන්නේ ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞභාග්‍යය උදෙසා දායක වන විශ්වසනීය සහ ගතික මහ බැංකුවක් බවට පත්වීමයි. අපගේ මෙහෙවර මගින්, සර්වජන අන්තර්ගතභාවය සහ තිරසර වර්ධනයට සහාය වීම උදෙසා දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සුරක්ෂිත කිරීම අවධාරණය කරයි.
මෙසේ කටයුතු කිරීමේදී අප පවත්වා ගන්නා ගුණාංගයන් අතරට ප්‍රබෝධමත් නායකත්වයක් වෙනුවෙන් කැපවීම, විනිවිදභාවය, මහජනතාව, රජය, මූල්‍ය ආයතන සහ සේවකයින් වෙත වගකීමට බැඳී සිටීම, ඒකාග්‍රතාව, වෘත්තීය නිපුණත්වය සඳහා කෙරෙන කැපවීම, අඛණ්ඩ අධ්‍යයනය, දැනුම බෙදා ගැනීම සහ නව්‍යකරණය සඳහා කෙරෙන කැපවීම, බැංකුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල සංගත බව, නිවැරදි බව සහ කාලීන බව, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එය තහවුරු කර ගැනීම, ප්‍රතිඵල සහ ප්‍රතිදාන සඳහා කඩිනම් සහ නිරන්තර කැපවීම, කාර්යයන් ඉටු කිරිමේ දී සහයෝගිත්වයත් සහභාගීත්වයත් ලබා දීම යන ගුණාංගයන් ඇතුළත් වේ.
තව ද, සිය සමස්ත කාර්ය මණ්ඩලය වෙත වෘත්තිය සංවර්ධනය සඳහා අවස්ථාවන් ලබාදීමට මහ බැංකුව නිරන්තරයෙන් කැපවී සිටී.








