රජ්‍ය ණය දෙපාර්තමේන්තුව - තොරතුරු ගබඩාව

(2026 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුව වසා දමන ලදී) 

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව 2026 වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය මෙහෙයුම් නවතා දමන ලදී. මෙම පිටුව මගින්, රාජ්‍ය ණය කළමනාකරණය, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ, රජයේ සුරැකුම්පත් පිළිබඳ මාධ්‍ය නිවේදන, විධාන, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ, දැන්වීම් මෙන් ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ සාරාංශ සහ දෛනික වාර්තා පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශය සපයයි. පහත සඳහන් සබැඳි මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ අදාළ පිටු වෙත ප්‍රවේශ විය හැකි ය. 

රාජ්‍ය ණය කළමනාකරණ

ශ්‍රී ලංකා රජයේ, රාජ්‍ය ණය කළමනාකරණ කටයුතුවලට අදාළ තොරතුරු සඳහා ප්‍රවේශය. 

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ

රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සහ අලෙවි කිරීම පිළිබඳ තොරතුරු .

මාධ්‍ය නිවේදන

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර ඇතුළු ව රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම සහ වෙන්දේසි කිරීමට අදාළ මාධ්‍ය නිවේදන. රජයේ සුරැකුම්පත් පිළිබඳ මාධ්‍ය නිවේදන සඳහා ප්‍රවේශය.

විධාන, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ 

රජයේ සුරැකුම්පත් සහ රාජ්‍ය ණය කළමනාකරණ කටයුතුවලට අදාළ ව මීට පෙර නිකුත් කරනු ලැබූ විධාන, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ වෙත මෙම සබැඳිය මගින් ප්‍රවේශ විය හැකි ය. මෙම ලේඛන මගින් ප්‍රාථමික අලෙවිකරුවන්, මුදල් ආයතන, ආයෝජකයින් සහ අනෙකුත් වෙළෙඳපොළ සහභාගීවන්නන් වෙත නියාමන සහ මෙහෙයුම් මාර්ගෝපදේශ සපයන අතර, එමගින් අදාළ නීති රීතිවලට අනුකූල වන බව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ දැනුවත් සහභාගීත්වයක් සිදු වන බව සහතික කරයි.  විධාන, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ සඳහා ප්‍රවේශය.

දැන්වීම්

භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම සහ වෙන්දේසි කිරීමට අදාළ දැන්වීම්.

ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ සාරාංශ 

රජයේ සුරැකුම්පත්වල ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධ තොරතුරු සරාංශ සහ දත්ත 

දෛනික සාරාංශ වාර්තා

දෛනික වෙන්දෙසි සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු පිළිබඳ සාරාංශය 

දෙපාර්තමේන්තු මෙහෙයුම් අවසන් කිරීම

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම පිළිබඳ නිල නිවේදනය සහ විඩියෝ දර්ශන ඇතුළු ව ඊට අදාළ තොරතුරු.

31.12.2025 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අවසන් කිරීම 

වීඩියෝ දර්ශන  : රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව: පරිච්ඡේදයක අවසානය, උරුමයක අඛණ්ඩ ගමන් මග (ඉංග්‍රීසි)