ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන වාර්ෂික ආර්ථික හා සමාජ සංඛ්‍යාන දත්ත නිකුතුව වන “ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2024” මහජනතාවගේ පරිශීලනය සඳහා සිංහල භාෂාවෙන් දැන් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන මෙම දත්ත නිකුතුවෙහි ක්ෂේත්‍ර අටක් යටතේ වර්ගීකරණය කරන ලද සංඛ්‍යාන වගු ඇතුළත් වේ. එනම්, ‘ජාතික නිෂ්පාදිතය, වියදම සහ ආදායම', ‘ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්', 'මිල, වැටුප් සහ සේවා නියුක්තිය', 'විදේශ වෙළඳ හා මූල්‍ය', 'රාජ්‍ය මූල්‍ය කටයුතු', 'මුදල්, පොලී අනුපාතික සහ ප්‍රාග්ධන වෙළඳපොළ', ‘මූල්‍ය අංශයේ ප්‍රවණතා' සහ ‘ශ්‍රී ලංකාව සහ සෙසු ලෝකය’ වශයෙනි. සමාජ-ආර්ථික දත්ත ගැන උනන්දුවක් දක්වන අය සඳහා ප්‍රයෝජනවත් තොරතුරු එකතුවක් මෙම සෑම අංශයකම අඩංගු වේ.
2024 වර්ෂයේ සිට, විවිධ පරිශීලකයන්හට පහසුවෙන් ප්‍රවේශ වීමට හා දත්ත බාගත කිරීමට හැකි ආකෘතියකින් දීර්ඝ දත්ත ශ්‍රේණි අඩංගු කර මාර්ගගත ක්‍රමවේදයක් යටතේ මෙම දත්ත නිකුතුව පළ කර ඇත. ඒ අනුව, යාවත්කාලීන කරන ලද දත්ත ශ්‍රේණියෙහි සිංහල අනුවාදය, දැන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියෙහි https://www.cbsl.gov.lk/si/සංඛ්‍යාන/ශ්‍රී-ලංකාවේ-ආර්ථික-හා-සමාජ-සංඛ්‍යාන වෙත පිවිසීමෙන් ලබා ගත හැකිය.