විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 නොවැම්බර්

2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩ ව හයවන මාසයටත් එක්සත් ඩනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ නොවැම්බර් මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 600ට සාපේක්ෂ ව 2021 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 553ක් දක්වා අඩු විය. සංචාරක පැමිණීම් ඉහළ යෑමේ පැහැදිලි සලකුණු පෙන්නුම් කරමින්, පසුගිය මාසයට සාපේක්ෂ ව කැපී පෙනෙන වර්ධනයක් සමඟින් සංචාරක පැමිණීම් අඛණ්ඩ ව ඉහළ ගියේ ය. 2021 වසරේ නොවැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩු වීමක් තවදුරටත් පෙන්නුම් කළේ ය. මාසය තුළ අන්තර් බැංකු වෙළෙඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයට රුපියල් 202ක පමණ මට්ටමක පැවතුණි.

සම්පූර්ණ ලිපිය

 

Published Date: 

Tuesday, January 25, 2022