මහ බැංකුව අනවසර විදේශ මුදල් හුවමාරු සිදුකරන මධ්‍යස්ථාන සහ පුද්ගලයින් පිළිබද තොරතුරු මහජනතාවගෙන් ඉල්ලා සිටී

ශ්‍රී ලංකාව තුළ විදේශ මුදල් මිලදීගැනීම, අලෙවිකිරීම හා හුවමාරුව සඳහා අවසරය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත බලපත්‍රලාභී බැංකු හා බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

ඒ අනුව, විදේශ මුදල් මිලදීගැනීම, විකීණීම හෝ හුවමාරු කිරීම අවසරලත් බැංකුවක් හෝ අවසරලත් මුදල් හුවමාරු කිරීමේ ආයතනයක් හරහා පමණක් කළ යුතුවේ.

යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්‍යාපාරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයක් නොමැතිව විදේශ මුදල් ගනුදෙනුවල නිරත වන්නේ නම්, එය 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නීති විරෝධී ක්‍රියාවකි.

එලෙස, යම් පුද්ගලයකු, ආයතනයක් හෝ වෙනත් යම් ව්‍යාපාරයක් අනවසර ලෙස විදේශ මුදල් ගනුදෙනු සිදුකරන බව දැනගනු ලැබුවහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ පහත සඳහන් අංක වලට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දුරකථන :          0112398827

0112477375

0112398568

විද්‍යුත් තැපැල් :   dfem@cbsl.lk

 

Published Date: 

Monday, February 28, 2022