මුදල් ප්‍රතිපත්ති විවරණය: 2022 අංක 03 (සවිස්තරාත්මක ව)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අප්‍රේල් මස 08 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි පදනම් අංක 700කින් පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේ ය. සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළෙඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළ දී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩ නැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන් ම, වෙළෙඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, April 8, 2022