ප්‍රතිපත්තිමය පොලී අනුපාතික

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) යනු තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය යටතේ පවතින මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයයි (2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි). එය මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීම සඳහා භාවිතා කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය වේ.
[එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය හඳුන්වාදීමත් දීමත් සමඟ 2024 නොවැම්බර් මස 27 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස සලකනු නොලැබේ].

ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව

වාණිජ බැංකු විසින් තම රුපියල් තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය.


*සටහන - නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ශ්‍රී ලංකා මහ බැංකුව කලින් තීරණය කරන ලද ආන්තිකයක් සමග එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) හා සම්බන්ධ කර ඇත.


වසරකට සියයට
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය(SDFR) 7.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය(SLFR) 8.50

පසුගිය අනුපාතික සඳහා